මිරිස්වත්ත ගොවිපල

කළුතර දිස්ත්‍රික්කය

ක්ෂණික තොරතුරු

  • පළාත : බස්නාහිර පළාත
  • දිස්ත්‍රික්කය : කළුතර දිස්ත්‍රික්කය
  • කොළඹට ඇති දුර :41.4 km

ඇමතුම් තොරතුරු

තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වීමට හැකි අතර අපගේ ආයතනය විවෘත වේලාවන් වනුයේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.

  • ලිපිනයNLDB මිරිස්වත්ත ගොවිපල, මිල්ලව, හොරණ.

  • දුරකථන අංකය :+94347294267

  • ෆැක්ස්:+94342254070

  • ඊමේල්: nldbmiriswattafarm@gmail.com

  • වෙබ්: www.nldb.gov.lk

මිරිස්වත්ත ගොවිපල

සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතුව පැවති මිරිස්වත්ත ගොවිපල 1987 දී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් පවරා ගන්නා ලදී. මෙම ගොවිපලේ කුඩා පරිමාණයේ කුකුළු අභිජනනාගාරයක් ක්‍රියාත්මක විය. පසුව නෙදර්ලන්ත රජයේ ආධාර යටතේ විශාල ඉන්කියුබේටරයක් සහ අනෙකුත් උපාංග තෑගි වශයෙන් ලැබුණු අතර ඒ හරහා අභිජනනාගාරය පුළුල් කරන ලදී. පාදුක්ක මිල්ලව මාර්ගයේ මොරගහහේන හන්දියේ සිට කිලෝමීටර 2ක් පමණ දුරින් මෙම ගොවිපල පිහිටා ඇත.